හෙරොයින් සමඟ පාකිස්තානු ජාතිකයෙකු අත්අඩංගුවට

මෙරටට රැගෙන ඒමට තැත් කළ හෙරෝයින් තොගයක් සමග විදේශිකයෙකු කටුනායක ගුවන් තොටුපොළේදී රේගු අත්අඩංගුවට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහඳව මහතා සඳහන් කළේ, සැකකරුගේ ගමන් මල්ලේ සූක්ෂමව සඟවා මෙම හෙරෝයින් තොගය මෙරටට රැගෙන විත් ඇති බව ය.

කිලෝග්‍රෑම්1 ග්‍රෑම් 400 ක් බර එම හෙරෝයින් තොගයේ වටිනාකම රුපියල් මිලියන 14 කි.

සැකකරු කරච්චි සිට දෝහා හරහා හෙරෝයින් තොගය මෙරටට රැගෙනවිත් ඇති බව පරීක්ෂණවලදී හෙළිව තිබේ. ඊයේ රාත්‍රී එලෙස අත්අඩංගුවට පත් ව ඇත්තේ වයස 27 හැවිරිදි පකිස්තානු ජාතිකයෙකි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top