SRILANKAN NEWS

කටුනායක ගුවන් තොටුපලේ සංවර්ධන කටයුතු අදියරේ

කටුනායක ගුවන් තොටුපලේ සංවර්ධන කටයුතු මේ වනවිට අවසන් අදියරට පැමිණ ඇති බව වාර්තාවේ.

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සංවර්ධන කටයුතු ලබන අප්‍රේල් 06 වනදාට ප්‍රථම නිම කිරීමට හැකිවනු ඇති බව එම ගුවන්තොටුපළේ ප්‍රධාන සිවිල් ඉංජිනේරු කාර්යාලය පවසා සිටියි.

ඒ අනුව නියමිත දිනය අදාළ ඉදිකිරීම නිම කිරීමට හැකිවනු අැති බවත් අනතුරුව අප්‍රේල් මස 06 වැනි දින සිට යළි ජාත්‍යන්තර ගුවන් ගමන් සාමාන්‍ය පරිදි සිදුකිරීමට අවස්ථාව ලැබෙනු ඇති බවත් එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසා සිටියිි.

මෙම ප්‍රතිසංස්කරණය කටයුතුවලින් ධාවනපථයේ පැවැති ඉරිතැලීම, කඩතොලු තත්ත්වයන් අළුත්වැඩියා කොට ගුවන් යානා ගොඩබැස්සවීමේදි හා ගුවන්ගත කිරීමේදි භාවිතා වන ධාවන පථයේ ඝර්ෂණ මට්ටම වැඩි දියුණු කිරිම සදහා ආස්තරණය කිරිමක් සිදු කර ඇති බව පැවැසේ.