තවත් ජාති සංහාරයකට පෙර යෝජනාව ප්‍රතික්‍ෂේප කරන්න – තිරුමුරුකන් කාන්ධි

තවත් ජාති සංහාරයකට පෙර දෙමළ ජනතාව ප්‍රසිද්ධිවම ජිනීවා යෝජනාව ප්‍රතික්‍ෂේප කළ යුතු යැයි තමිල්නාඩුවේ මැයි 17 ව්‍යාපාරයේ සම්බන්‍ධිකාරක තිරුමුරුකන් ගාන්ධි පවසා තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේදී ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව ඒකමතිකව සම්මත කිරීම සම්බන්‍ධයෙන් ජිනීවා නුවරදී මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් ඔහු මේ බව පවසා තිබේ.

ශ්‍රී ලංකාව ඉල්ලා සිටි වසර දෙකක කල් දිගුව එක්සත් ජාතීන් සංවිධානය පිළිගෙන නව යෝජනාව සම්මත කර තිබේ. එම කාලය ද අවසන් වූ පසුද එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට පක්‍ෂපාතීව කටයුතු කරනු ඇත. එමෙන් ජනීවා යෝජනාව දෙමළ ජනතාව ප්‍රසිද්ධියේ ප්‍රතික්‍ෂේප කළ යුතුයි. එයට විරුද්ධත්වය පළ නොකර සිටීමෙන් අපගේ පැවැත්ම ප්‍රශ්ණාර්ථයක් වනු ඇත, නැතිනම් අපි සියළු දෙනාම මිය යෑමට සිදුවනු ඇති බව ඔහු වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top