SRILANKAN NEWS

විරෝධතා හේතුවෙන් රජනි කාන්ත් ශ්‍රී ලංකා සංචාරය අවලංගු කිරීමට තීරණය කරයි…

දකුණු ඉන්දීය සිනමා විරු රජිනි කාන්ත් විසින් සැළසුම් කොට තිබු ශ්‍රී ලංකා සංචාරය අවලංගු කිරීමට තීරණය කර තිබේ. විවිද පාර්ශවයන් විසින් එල්ලවූ විරෝධය හමුවේ ඔහු මෙම තීරණය ගෙන ඇති බව වාර්තාවේ.

ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව වෙනුවෙන් ලයිකා ආයතනය විසින් ඉදිකළ නිවාස ව්‍යාපෘතිය විවෘත කිරීමේ අවස්ථාවට රාජනි කාන්ත්ට ආරාධනා ලැබී තිබුණි. මෙවැනි තත්වයකදී ඔහු ශ්‍රී ලංකාවට සංචාරය නොකළ යුතු යැයි විවිද පාර්ශවය විසින් කළ විරෝධතාවයෙන් අනතුරුව සිය සංචාරය අවලංගු කර තිබේ.

දැනට රජනි කාන්ත් ලන්ඩන් නුවර සිට ක්‍රියාත්මක වන ලයිකා ආයතනයේ විසින් නිෂ්පාදනය කරන එන්දිරන 2.0 නැමැති චිත්‍රපටයේ රඟපාමින් සිටියි. එම ආයතනයේ නායක සුපාෂ්කරන්, ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ සමීපතම පුද්ගලයකු යැයි පවසා ඇතම් දෙමළ සංවිධානවලින් විරෝධතා එල්ලවුණි.

මෙවැනි තත්වයකදී ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව ලබාදීම සඳහා ලයිකා ආයතනය විසින් නිවාස 150 කින් යුතු නිවස ව්‍යාපෘතියක් අවසන් කර එය ජනතා අයිතියට ලබාදීමේ උත්සවය ලබන මස 9 වනදා පැවැත්වීමට නියමිතය. එම අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස රජනි කාන්ත්ව ආරාධනා ලැබී තිබුණි. මෙවැනි තත්වයකදී තමිල්නාඩුවේ තිරුමාවලවන් ඇතුළු විවිද පාර්ශවය රාජනි කාන්ත් ශ්‍රී ලංකාවට සංචාරය නොකළ යුතු බවට නිවේදන නිකුත් කර තිබුණි.

මේ සම්බන්‍ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් රජනි කාන්ත් පවසා තිබෙන්නේ, තිරුමාවලවන්, වයිකෝ, වේල්මුරුකන් යන පිරිස දේශපාලන හේතු ඉදිරිපත් කර ශ්‍රී ලංකාවේ සහභාගිවීමට තීරණය කළ උත්සවයට සහභාගි නොවිය යුතු යැයි ඉල්ලා තිබුණිත ඔවුන්ගේ ඉල්ලීම මුළු හදවතින්ම පිළිගත නොහැකි නමුත් ඔවුන්ගේ ඉල්ලීමට ගරු කරමින් තමන් එම උත්සවයට සහභාගිවීම අවලංගු කරන බව පවසා තිබේ.

තවද තමන් දේශපාලකයකු නොවන අතර, තමන් කලාකරුවෙක් බැවින් ජනතාව සතුටු කිරීම තම වගකීමකි. ඉදිරි කාලයේ ශ්‍රී ලංකාවට ගොස් එහි ජීවත් වන දෙමළ ජනතාව හමුවී ඔවුන්ව සතුටට පත්කර, යුද්දය පැවැති ප්‍රදේශය දැක බලා ගැනීමට ද අවස්ථාවක් ලැබුණේ නම් එයද දේශපාලනයට හරවා එහි යෑම වැලක්වීමට කටයුතු නොකළ යුතු යැයි ඉතා ආදරයෙන්, ඉල්ලා සිටින බව රජනි කාන්ත් වැඩිදුරටත් පවසා තිබේ.