SRILANKAN NEWS

සිංහලයාගේ යුද්දය ශුද්ධ වූ යුද්දයක් නොවේ, රජනි කාන්ගේ තීරණය සතුටුදායකයි – තිරුමාවලවන්

දකුණු ඉන්දීය සිනමා විරු රජිනි කාන්ත් විසින් සැළසුම් කොට තිබු ශ්‍රී ලංකා සංචාරය අවලංගු කිරීමට තීරණය කිරීම ගැන තමිල්නාඩු අන්තවාදී දේශපාලන පක්‍ෂ කිහිපයක නායකයන් සිය ප්‍රසාදය පළ කර තිබේ.

තමිල්නාඩු විඩුදලයි සිරුත්තයි පක්‍ෂයේ නායක තොල්. තිරුමාවලවන් ,
“ රජනි කාන්ත් ශ්‍රී ලංකා සංචාරය අවලංගු කිරීම සතුටුදායක කරුණකි. ශ්‍රී ලංකා සංචාරය අවලංගු කළ රජනි කාන්ත්ට ප්‍රණාමය පළ කිරිමේ ප්‍රසිද්ධියක් ලබා ගැනීමට අපි මැදිහත්වුනේ නැහැ, රජනිකාන්ත් පැමිණියේ නම් බාධාවක් විය හැකි බවට ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාව පවසා තිබුණා, රජනි කාන්ත් කෙරෙහි අපිට කිසිඳු ඊරිසියාවක්, අමනාපයක් නැහැ, ශ්‍රී ලංකාවේ පැවැත්වෙන උත්සවයට රජනිකාන්ත් සහභාගිවුයේ නම් එය ශ්‍රී ලංකා රජයට සහාය ලබාදීමක් ලෙස පෙන්වා දෙනු ඇත, සිංහල ජනතාවගේ යුද්දය ශුද්ධ වූ යුද්දයක් නොවේ, දෙමළ ජනතාවගේ යුද්දය තමයි ශුද්ධ වූ යුද්දය“ යැයි පවසා තිබේ

ම.ති.මු.ක. මහ ලේකම් වයිකෝ,
“රජනි සමඟ දුරකථනයෙන් කථා කළ සිද්ධිය මම ප්‍රසිද්ධ කළේ නැහැ, ප්‍රසිද්ධියක් සඳහා රජනිකාන්ත්ගේ සංචාරය දේශපාලනීකරනය කළේ නැහැ, සාවද්‍ය තොරතුරු මත රජනිකාන්ත් ශ්‍රී ලංකාවට යෑමට සිටියා, රජනි කාන්ත් විශිෂ්ට පුද්ගලයෙක්“ යැයි පවසා තිබේ.

Image result for தமிழக வாழ்வுரிமை கட்சித் தலைவர் வேல்முருகன்තමිල්නාඩු ජීවන අයිතිවාසිකම් පක්‍ෂයේ නායක වේල්මුරුකන්,
“ශ්‍රී ලංකා සංචාරය අවලංගු කළ රජනි කාන්ත්ට ස්තූතිය පළ කරනවා, මුල්ලිවායිකාල් ඛෙදවාචකය ගැන රජනිකාන්ත් දැනගත යුතුයි“. යැයි පවසා තිබේ.

අ.ති.මු.ක. අම්මා පක්‍ෂයේ මාධ්‍ය සම්බන්‍ධිකාරක වෛකයි සෙල්වන්,

“දෙමළ ජනතාවගේ හැඟීම අවබෝධ කරමින් ශ්‍රී ලංකාවේ සංචාරය අවලංගු කළ රජනි කාන්ත්ට ස්තූතිය පළ කරන්නෙමි“ යැයි පවසා තිබේ