සමුද්‍රීය ආරක්ෂක පහසුකම් සැපයීමේ කටයුතු නාවික හමුදාව වෙත බාරගැනීමෙන් අනතුරුව 2015 නොවැම්බර් මස සිට ගාල්ල මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් පමණක් මේ වනවිට රුපියල් බිලියන 3ක ආදායමක් උපයා ඇති බව නාවික හමුදාව පවසයි.
වෙළඳ නෞකාවන් සඳහා ආරක්ෂාව සපයනු ලබන සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සතු අවි ආයුධ ලබාගැනීම, නිකුත් කිරීම සහ ගබඩා කිරීම නාවික හමුදාව විසින් සිදුකරනු ලබන බවත් මේ වනවිට ගාල්ල මෙහෙයුම් මධ්‍ය ස්ථානයෙන් නෞකා ගමන් වාර 8170 කට අදාළව මෙහෙයුම් කටයුතු සිදුකර ඇති බව නාවික හමුදාව සඳහන් කරයි.
මෙහෙයුම් රාජකාරී ඝනයට අයත් වන මෙම කර්තව්‍යය සඳහා නාවික හමුදාව සිය සක්‍රීය දායකත්වය සපයනු ලබන අතර එමගින් සාගරික කටයුතුවල නිරත වන පාර්ශවයන්හට ආරක්ෂිත සාගර කළාපයක් ඇති කිරීම මෙන්ම බාධාවකින් තොරව යාත්‍රා කිරීමේ අවස්ථාව ලබා දීමද අපේක්ෂා කෙරේ.
සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා පහසුකම් සැළසීමෙන් උපයනු ලබන ලාභයන් රජයේ ඒකාබද්ධ අරමුදල වෙත සෘජුවම බැර කිරීමට කටයුතු කෙරේ.
තවද මේ වනවිට සියළු මෙහෙයුම් ම්‍ය්‍යස්ථානයන් හරහා සිදු කළ මුළු ගමන්වාර 8,797ක් මගින් රුපියල් තිස් එක්කෝටි දොලොස් ලක්ෂ පන්දහස් එකසිය හැත්තෑ අටයි ශති හැටක (රු. 311,250,178.60) ආදායමක් සමුද්‍රීය ආරක්ෂක කණ්ඩායම් සඳහා ආරක්ෂක පහසුකම් රාජකාරි තුළින් රජයට අත්කරදීමට නාවික හමුදාවට හැකිවි ඇත.
Add Comment