අත් බෝම්බ සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට

හික්කඩුව සහ හුංගම යන ප්‍රදේශවලදී ජීව අත්බෝම්බ දෙකක් සමග සැකකරුවන් දෙදෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

හික්කඩුව, කුමාර මාවත ප්‍රදේශයේදී ලද තොරතුරකට අනුව සිදු කළ සෝදිසියදී ජීව අත්බෝම්බයක් සමග 33 හැවිරිදි දොඩන්දූව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

මේ අතර, හුංගම කට්ටකඩුව ප්‍රදේශයේදී අගුණකොලපැලැස්ස ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි පුද්ගලයෙකු ද අත්බෝම්බයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top