SRILANKAN NEWS

උතුරේ තවත් අක්කර 4000ක ඉඩම් නිදහස් කිරීමට නියමිත බව මහේෂ් සේනානායක පවසයි..

උතුරේ තවත් අක්කර 4000ක ඉඩම් ප්‍රමාණයක් නිදහස් කිරීමට නියමිත බව යාපනය අඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි. යාපනය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේදී ඊයේ දින පැවැති සමුගැනීමේ උත්සවයට සහභාගිවෙමින් ඔහු මේ බව පවසා සිටියේය.

යාපනය දිස්ත්‍රික්කයේ ආරක්‍ෂක මූලස්ථානය විසින් අක්කර විසි දාහක ඉඩම් අත්පත්කරගෙන ඇති බවත්, එයින් අක්කර දෙදහක ඉඩම් මේ වන විට නිදහස් කර ඇති අතර, තවත් අක්කර 4000ක ඉඩම් කඩිනමින් නිදහස් කිරීමට නියමිත බවද පවසා තිබේ.

තවද එළඹෙන අප්‍රේල් මස යාපනය දිස්ත්‍රික්කයේ කාන්ගසන්තුරයි වරාය ආසන්න ප්‍රදේශයේ ඉඩම් කිහිපයක් නිදහස් කිරීමට පියවර ගෙන ඇති බව හෙතෙම පවසා තිබේ.

යාපනය දිස්ත්‍රික්ක හමුදා අඥාපති ලෙස කටයුතු කළ මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස උසස්වීමක් ලබා සිටීම විශේෂත්වයකි.