එ.ජා. යෝජනා සුදුසු අවස්ථාවේදී ක්‍රියාත්මක කළ යුතුයි – ගෝලීය දෙමළ සංසඳය

එක්සත් ජාතීන්ගේ සංවිධානයෙහි යෝජනා සියල්ල සුදුසු අවස්ථාවේදී ක්‍රියාත්මක කළ යුතු බව ගෝලීය දෙමළ සංසඳය පවසා තිබේ. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය විසින් ශ්‍රී ලංකාව පිළිබඳව සම්මත කරන ලද යෝජනාව අගය කළ යුතු බවත්, එම යෝජනාවට රටවල් 47ක් සම අනුග්‍රහය ලබාදී ඇති බවද පවසා තිබේ.

ශ්‍රී ලංකාව කරුණු කිහිපයක් සම්බන්‍ධයෙන් සුළු ප්‍රගතියක් සටහන් කර ඇති නමුත්, තවත් විශාල ප්‍රගතියක් ඇති කළ යුතුව තිබෙන බවද පවසා තිබේ. කාල නිර්ණයට අනුව යෝජනාවෙහි නිර්දේශයන් ක්‍රියාත්මක කිරීම ඉතා අත්‍යවශ්‍ය බව එම සංවිධානය වැඩිදුරටත් පෙන්වාදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top