විමල් උපවාසය අවසන් කරයි..

ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් පවත්වාගෙන ආ උපවාසය අත්හැරීමට තීරණය කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර මහතා පවසයි.

රජයේ දේපළ අවභාවිතා කිරීමේ චෝදනාව යටතේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කර සිටි විමල් වීරවංශ මහතා තමාට ඇප ලබාදිය යුතු යැයි ඉල්ලා පසුගිය 21වනදා මෙම උපවාසය ආරම්භ කළේය.

අද දින පෙරවරුවේ විමල් වීරවංශ මහතාගේ සැප දුක් බැලීමට කෝට්ටේ අනුනායක ගොඩපිටියේ රාහුල හිමි, උදිත හිමි, සුමනජෝති හිමි ඇතුළු හිමිවරුන් පිරිසක් ජාතික රෝහලට වැඩම කළ අතර, උපවාසය නවත්වන ලෙස හිමිවරුන් කළ ඉල්ලීමකින් අනතුරුව මන්ත්‍රීවරයා සිය උපවාසය අත්හැර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top