රටේ විදේශ ණය ප්‍රමාණය ඩොලර් කෝටි 3600යි – අගමැති

මෙරට විදේශ ණය ප්‍රමාණය ඩොලර් කෝටි 3600ක් බවත්, එහි දේශීය ණය ප්‍රමාණය පැවැසුවේ නම් සියළු දෙනා සිහි නොමැතිව ඇද වැටෙණු ඇති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ගොඩකවෙල, රංවල, කුලරත්න ළමා නිවාසයේ 25 වැනි සංවත්සර උත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළේ ය.

එහිදී හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේ,

මේ රටේ ආර්ථිකය අතීතයේ ගත් ණය බවට යට වී තිබීම ඊට හේතුවයි. අසාමාන්‍ය ණය ගැනීම නිසා සාමාන්‍ය පුද්ගලයෙකු වූවා නම් සිය දිවි නසා ගන්නවා. නමුත් රටකට එම ඉරණම අත්විය යුතු නැහැ. අපි ආරම්භ කළේ කෙසේ හෝ මේ රට සංවර්ධනය කිරීමේ කාර්යයයි. අපි ලබාගෙන ඇති විදේශ ණය ප්‍රමාණය රුපියල් කෝටි 3600 ක්. දේශීය ණය ප්‍රමාණය පැවසුවොත් ඔබ සියලූ දෙනා මෙම ස්ථානයේ සිහි නොමැතිව ඇද වැටේවි.

මේ සියල්ල අපට ගෙවීමට සිදුව තිබෙනවා. එම ණය ප්‍රමාණයෙන් වැඩිම මුදලක් ගෙවීමට ඇත්තේ 2026 වසර දක්වායි. අවසාන ණය ප්‍රමාණය ගෙවීමට සිදු වන්නේ 2038 වසරේදීයි. එවැනි අති විශාල ණය ප්‍රමාණයක් අපට ගෙවීමට සිදු වෙනවා. මේ සියල්ල විදේශ ණය පමණයි. ගෙවීමට ඇති දේශීය ණය ප්‍රමාණය ගැන පවසා ඔබව බියවැද්දීමට මා අපේක්‍ෂා කරන්නේ නැහැ.

එම විශාල ණය ප්‍රමාණය ගෙවීමට අවශ්‍ය ආර්ථික ශක්තිය ඇති කර ගනිමින් අප ඉදිරියට යන අතර එය ගෙවා දැමිය හැකි බව අපේ විශ්ව‍සය බව අග්‍රාමාත්‍යවරයා වැඩිදුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top