SRILANKAN NEWS

මහින්ද ජනප්‍රිය වුනාට ඡන්ද දිනන්න බැහැ – බැසිල්

මහින්ද රාජපක්ෂගේ ජනප්‍රියත්වය තිබූ පමණින්වත් ජනබලවේගය කොතරම් ප්‍රබල වුවත් ආණ්ඩුවක් අප්‍රසාදයට. පත්වූ පමණින් වත් දේශපාලන පක්ෂයක් ජයග්‍රහණය කර ඡන්ද දිනන්න බැහැ. ඒකට හොඳට සංවිධාන වෙලා සෑම තලයක්ම නියෝජනය වෙන විදිහට පක්ෂයක් සංවිධානය කළ යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා මාදම්පේ දී පැවසීය.

හලාවත ආසනයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සංවිධායක කටයුතු භාරව සිටින වයඹ පළාත් සභා මන්ත්‍රී යු.කේ.ඩී. පාලිත රෝහණ මහතා විසින් එම මහතාගේ නිවසේ සංවිධාන කර තිබූ පළාත් පාලන නියෝජිතයන් හමුවකදී එම මහතා කීය.

ඒ මහතා මෙසේද කීය.

අපි අද ලාබාල පක්ෂයක්. අවුරුදු 80 පැරණි අපේ රටේ දේශපාලන පක්ෂ අතර අපි අද හොදින් සංවිධානය වෙලා තියෙනවා. ශක්තිමත් පක්ෂයක් බවට පත්වෙලා තියෙනවා.

මේ රටේ මුස්ලිම් ජනතාවන් කදුකරයේ වතු කම්කරු ජනතාවන් අපේ පක්ෂයේ ධජය යටතට ගේනවා. අපේ හොද වෙලාවට ආණ්ඩුව ඡන්දය කල් දාලා අපට හැදෙන්න කාලයක් දුන්නා. ඒක අපි වාසියට හරවා ගන්න ඕනි. අද ගම්බඳ මහජන නියෝජිතයෝ නැහැ. ගම් හිස්වෙලා. පළාත් පාලනවල නියෝජිතයේ තමයි ගම හැදුවෙ. පළාත් පාලන ක්‍රමය ඉන්දියාවෙන් ආපු එකක්. පාර්ලිමේන්තු ක්‍රමය බටහිරින් ආපු එකක්. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බිහිවුණේ මහින්ද රාජපක්ෂ අගමැති කරවලා රට යලිත් නිවැරදි දිශාවට හරවන්නයි.’

පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත, පළාත් සභා මන්ත්‍රී පාලිත රෝහණ මහතා ඇතුලු තවත් කීප දෙනෙක්ද ජනහමුව ඇමතීය.