යාපනය රදගුරු සහ අධ්‍යාපන රාජ්‍ය ඇමැති අතර හමුවක්..

යාපනය දිස්ත්‍රික්ක රදගුරු සහ අධ්‍යාපන රාජ්‍ය ඇමැති වේ. රාධාක්‍රිෂ්ණන් මහතා අතර සාකච්ඡා හමුවක් යාපනය රදගුරු නිවසේදී පවත්වා තිබේ. එහිදී උතුරු පළාතේ අධ්‍යාපනය සංවර්ධනය සඳහා ගත යුතු ක්‍රියාමාර්ගයන් ගැන සාකච්ඡා කළ බව පැවැසේ.

මේ අතර, කිලිනොච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ තෙමහල් ගොඩනැගිල්ලකට මුල් ගල් තැබීමේ උත්සවය ද අධ්‍යාපන රාජ්‍ය ඇමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි. එම අවස්ථාවට පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන සිවඥානම් ශ්‍රීදරන්, එස්. සරවණබවන් යන පිරිස ද සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top