කටුනායක ගුවන්තොටුපොළේ කටයුතු හෙට සිට පුරුදු පරිදි වැඩ අරඹයි..

කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ කටයුතු හෙට (06) දහවල් සිට සුපුරුදු ලෙස මෙහෙයුම් කටයුතු අාරම්භ කරන බව ගුවන්තොටුපොළ අාරංචි මාර්ග පවසා සිටියි.

පසුගිය කාලය තුළ ගුවන්තොටුපළේ ධාවන පථයේ ප්‍රතිසංස්‌කරණ කටයුතු සිදු කරන ලද බැවින් ගුවන්තොට කටයුතු යම් සීමාකිරීමක් සිදු විය. ධාවන පථය ප්‍රතිසංස්‌කරණයට රුපියල් මිලියන 50 ක්‌ වැය වී ඇති අතර මීටර් 60 ක පළලකින් යුතු වූ ධාවන පථය මීටර් 75 දක්‌වා වැඩි කර ඇත. ඊට අමතරව එල්. ඊ. ඩී. විදුලි බල්බ ධාවන පථයේ ආලෝක පද්ධතියට එක්‌ කර තිබීම බල ශක්‌තිය ඉතිරි කිරීමක්‌ බවද ප්‍රවාහන අමාත්‍යාංශය කියා සිටී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top