වැටුප් විෂමතාවය නිවැරදි නොකිරීමට හා වැටුප් විෂමතාවය නිවැරදි කරන ලෙස ඉල්ලා වෘත්තීය ක්‍රියාමාර්ගවලට සම්බන්ධ වූ සේවකයන් වෙත මර්දනය දියත්කිරීමට එරෙහිව ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයට සම්බන්ධ වෘත්තීය සමිති 32ක් විසින් අද (05) මධ්‍යම රාත්‍රී 12න් පසු හෙට (06) මධ්‍යම රාත්‍රී 12 වනතෙක් පැය 24ක සමස්ත මහා වැඩවර්ජනයක් කැඳවා ඇති බව වාර්තාවේ.
2015 වර්ෂයේදී විදුලිබල මණ්ඩලයේ සේවකයන්ට 30%කින් වැටුප් ඉහළ නැංවීමෙන් පසුව ඉන්ජිනේරු සංගමය 70% සිට 120%කින් පමණ තමන්ගේ වැටුප් වැඩි කරගෙන ඇති බව සඳහන් කරන විදුලිබල මණ්ඩලයේ සෙසු වෘත්තීය සමිති එම 120% වැටුප් වැඩිවීම තමන්ටද ලබාදෙන ලෙස ඉල්ලා මෙලෙස වැඩ වර්ජනයකට තීරණය කර තිබේ.
Add Comment