SRILANKAN NEWS

සංවත්සර උළෙලට සහභාගි නොවන අය පක්‍ෂ සාමාජිකත්වයෙන් ඉවතට –

113 SLFP-Logo_Main_CIපිළිගත හැකි සාධාරණ හේතුවක්‌ නොමැතිව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ 65 වැනි සංවත්සර උළෙල වර්ජනය කරන පාර්ලිමේන්තු සහ පළාත් සභා මන්ත්‍රීවරුන් සියලුම දෙනා පක්‍ෂය අතහැර ගියා සේ සලකන බව ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ මහා ලේකම් කෘෂිකර්ම ඇමැති දුමින්ද දිසානායක මහතා පවසයි.

හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්‌ඩාරනායක මහත්මියටත්, හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාටත්, පක්‍ෂයේ සියලුම පාර්ලිමේන්තු, පළාත් සභා මන්ත්‍රීවරුන්ටත් 65 වැනි සංවත්සර උළෙල සඳහා සහභාගි වන ලෙස නිල වශයෙන් මේ වන විට ආරාධනා කර තිබෙන බව හෙතෙම පවසයි.

ආරාධනා කර තිබියදීත් කවුරු හරි මන්ත්‍රීවරයෙක්‌ පක්‍ෂයේ ආරාධනාව ප්‍රතික්‍ෂේප කර සංවත්සර උළෙල වර්ජනය කරනවා නම්, මාධ්‍ය හමු පවත්වමින් සංවත්සර උළෙල විවේචනය කරනවා නම්, විකල්ප සංවත්සර උළෙලවල් පැවැත්වීමට කටයුතු කරනවා නම් අදාළ මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස්‌ පාක්‍ෂිකයන් ලෙස තවදුරටත් නොසලකා හැරීමට පක්‍ෂය තීරණය කළ බව දිසානායක මහතා පැවැසීය.

පක්‍ෂයේ විනය කාටත් එකයි. එම නිසා පක්‍ෂයට පක්‍ෂ නායකත්වයට විරුද්ධව පක්‍ෂය දෙකඩ කිරීමට කවුරුන් හෝ කටයුතු කරනවා නම් ඒ සියලුම දෙනාට විරුද්ධව විනය පියවර ගන්නා බව ද ඇමැතිවරයා පැවැසීය.