SRILANKAN NEWS

ශ්‍රී ලංකාව තුළ දෙමළ ජනතාවට ආරක්‍ෂාව ලබාදිය හැකි පරිසරයක් ඇති කළ යුතුයි – සසි තරූර්

ශ්‍රී ලංකාව තුළ දෙමළ ජනතාවට ආරක්‍ෂාව ලබාදිය හැකි පරිසරයක් උදාකළ යුතු යැයි ඉන්දිය ප්‍රවීණ ලේඛකයකු වන සසි තරූර් පවසයි.

උත්සව අවස්ථාවකට සහභාගි වෙමින් අදහස් ප්‍රකාශ කළ ඔහු, පසුගිය දශක තුනක කාලයක් පැවැති යුද්දය හේතුවෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්වී සිටින බවත්, එලෙස පීඩාවට පත්වී සිටින ජනතාව කෙරෙහි රජය වැඩි අවධානයක් යොමු කළ යුතු යැයි පවසා තිබේ.

තවද පීඩාවට පත්වූ ජනතාවට උදව් ලබාදීමට ඉන්දියාව සැම විටම සූදානමින් සිටින බව ද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.