බිම් බෝම්බ තුරන් කිරීමේ ප්‍රකාශණයට ශ්‍රී ලංකාව අත්සන් තැබිය යුතුයි – බ්‍රිතාන්‍ය

බිම් බෝම්බ තුරන් කිරීමේ අරමුණින් ඉදිරිපත් කළ ඔටාවා ප්‍රතිපත්ති ප්‍රකාශණයට ශ්‍රී ලංකාව අත්සන් තැබිය යුතු බව බ්‍රිතාන්‍ය ඉල්ලා තිබේ. බ්‍රිතාන්‍ය නියෝජ්‍ය මහ කොමසාරිස් ලෝරා ඩේවිස් මහත්මිය මේ බව පවසා තිබේ.

ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩ පිළිවලට බ්‍රිතාන්‍ය රජය 2010 වසරේ සිට මුදල් ආධාර ලබා දෙමින් සිටීම විශේෂත්වයකි. 2019 දක්වා වූ එම වැඩ පිළිවලට රුපියල් බිලියන 1.2ක මුදල් බ්‍රිතාන්‍ය රජයෙන් ලබාදීමට නියමිතය.

උතුරේ බිම් බෝම්බ වැඩි ප්‍රමාණයක් වලදමා ඇති ප්‍රදේශයන් නිෂ්පාදන සම්පත්වලින් යුතු ප්‍රදේශයන් බව ඇය පවසා තිබේ. මෙවැනි තත්වයකදී එහි බිම් බෝම්බ ඉවත් කර ජනතාවගේ දෛනික ජීවිතය ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බව ඇය වැඩිදුරටත් අවධාරණය කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top