ධාවනය වෙමින් පවතින දුම්රියවලට ගල් ගසන පුද්ගලයන්ට වෙඩි තැබීම සඳහා ගිනි අවි තොගයක් දුම්රිය දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන ඇත.
මෙම ගිනිඅවිවලින් මීටර් 15ක පමණ දුරකට වෙඩි තැබීමේ හැකියාව තිබෙන බව දුම්රිය ආරක්ෂක හමුදාවේ දුම්රිය අධිකාරී අනුර පේ‍්‍රමරත්න සඳහන් කරනු ලබයි. මෙලෙස පැති ගිනි අවි 25 ක් දුම්රිය දෙපාර්තමේන්තුව සිය භාරයට ගෙන ඇති අතර ඒ, වැලිසර නාවික හමුදා කඳවුරෙන් බව වාරෟතා වේ.
දැනට දුම්රිය ආරක්ෂක හමුදා නිලධාරීන් භාවිත කරන්නේ බහුආර තනි කානුවේ ගිනි අවි වන අතර දෙපාර්තමේන්තුව සතුව එවැනි ගිනි අවි 192 ක් පවතින අතර අලුතින් ලබාගත් පැති ගිනිඅවි දුම්රිය දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි කිරීමෙන් අනතුරුව ඒවා භාවිතය පිළිබඳ නිලධාරීන් පුහුණු කිරිමට කටයුතු යොදාන බව වාර්තා වේ.
ඉන් අනතුරුව අදාළ නිලධාරීන් දුම්රියන්ට අනියුක්ත කරන බව අනුර ප්‍රේමරත්න මහතා පවසා සිටින අතර හඳුනාගත් දුම්රියන් සඳහා එක් දුම්රියකට අවි සහිත නිලධාරීන් දෙදෙනෙකු බැගින් දැනටමත් අනියුක්ත කර ඇති බව හෙතම පවසා සිටි.
ධාවනය වෙමින් පවතින දුම්රියන්ට ගල් ගැසීමේ සිද්ධීන් 12 ක් ඉකුත් සමයේ වාර්තා වී ඇති අතර ඊට සම්බන්ධ පුද්ගලයන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කිරිමට බලධාරින් විසින් පියවර ගෙන ඇත.
Add Comment