SRILANKAN NEWS

H1NI පැතිර තිබෙන්නේ මාධ්‍යන් – රාජිත

H1NI වයිරසය රට තුල විශාල මට්ටමකින් පැතිර යාමේ අවදානමක් නොමැති බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි. ඊයේ (05) සෞඛ්‍ය අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ ඒ මහතා මේ බව පවසා තිබේ.

පසුගිය මාස තුනක කාලය තුළ වාර්තා වී ඇති H1NI රෝගීන්ගේ සංඛ්‍යාව 528 දෙනකු පමණක් බවත්, මාධ්‍ය වාර්තාවල දැක්වෙන පරිදි H1NI වයිරසය රට තුල විශාල මට්ටමකින් පැතිර යාමේ අවදානමක් නොමැති බව ද පවසා තිබේ.

මෙය වෛරස් උණකට සමාන උණ රෝගයක් බවත්, කුඩා දරුවන්ට, ගර්භණී මාතාවන්ට හා වකුගඩු රෝගීන්ට H1NI වෛරස් උණ මගින් බලපෑමක් ඇතිවිය හැකි බව පැවසූ සෞඛ්‍ය අමාත්‍යවරයා ඔවුන් වයිරසයෙන් ප්‍රවේශම් විය යුතු බව ද හෙතෙම පවසා තිබේ.