ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා පළමු එක්දින තරඟය අද

Sri Lanka VS Australia සංචාරක ඔස්ට්‍රෙලියානු කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 5 කින් සමන්විත එක්දින කි‍්‍රකට් තරගාවලියේ පළමු තරගය කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රිඩාංගණයේදී අද (21) පැවැත්වේ.

දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගය අද පස්වරු 2.30 ට ආරම්භවීමට නියමිතයි.

මෙවර සංචිතය සඳහා දිනේෂ් චන්දිමාල්, අමිල අපෝන්සු, ධනංජය ද සිල්වා, තිලකරත්න ඩිල්ශාන්, නුවන් ප්‍රදීප්, අවිශ්ක ප්‍රනාන්දු, ධනුෂ්ක ගුණතිලක, සුරංග ලක්මාල්, කුසල් මෙන්ඩිස්, දිල්රුවන් පෙරේරා, කුසල් පෙරේරා, තිසර පෙරේරා, සීක්කුගේ ප්‍රසන්න, ලක්ෂාන් සඳකැන් සහ මිලින්ද සිරිවර්ධන යන ක්‍රීඩකයින් ඇතුළත්ය.

වසර ගණනාවක් පුරා එක්දින ක්‍රිකට් කරළියේ සිය ආධිපත්‍ය පතුරුවාලමින් සිටින ඔස්ට්‍රේලියානුවන් එක්දින ලෝක කුසලානය වැඩිම වාරයක් අත්පත් කරගත් කණ්ඩායම වන අතර ශ්‍රි ලංකාවට එරෙහිව තරග 56ක ජය හිමිකරගැනීමට ද සමත්වූ කණ්ඩායමකි. දෙපිල අතර මෙතෙක් පැවැති එක්දින තරග 91කින් ශ්‍රී ලංකාව ජයගැනීමට සමත්වූයේ තරග 31ක් පමණි. තවත් තරග 4ක් ප්‍රතිඵලයකින් තොරව නිමාවට පත්වී තිබේ.

ටෙස්ට් සහ එක්දින තරග දෙ අංශයෙන්ම ලොව පෙරමුණේ පසුවන කණ්ඩායම නම් දරා සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පසුගියදා තරග 3 – 0කින් පරදවා ටෙස්ට් පිටියේ තුන්වැනි තැනට පැමිණවීමට ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය දින සමත්විය

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top