SRILANKAN NEWS

උතුරු පළාතේ අවතැන්වූවන් නැති තත්වයක් රජය විසින් ඇති කළ යුතුයි – විග්නේෂ්වරන්

උතුරු පළාතේ අවතැන්වූවන් නැති තත්වයක් ඇති කිරීමට රජයට අවධාරණය කළ යුතු යැයි සරණාගතයන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ කොමසාරිස් කාර්යාලයේ අධ්‍යක්‍ෂක ඩෙයිජි ඩෙල්ලටම් මහත්මිය වෙත පැවැසූ බව උතුරු පළාත් මහ ඇමැති සී.වී. විග්නේෂ්වරන් මහතා පවසයි.

ඊයේ (7) දින යාපනයේ සංචාරයක නිරතවූ සරණාගතයන් පිළිබඳව එක්සත් ජාතීන්ගේ කොමසාරිස් කාර්යාලයේ අධ්‍යක්‍ෂකවරිය ඇතුළු පිරිස උතුරු පළාත් මහ ඇමැතිවරයා හමුවී සාකච්ඡා කර තිබේ.

ඉකුත් සාකච්ඡා හමුව පිළිබඳව මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් මහ ඇමැතිවරයා මේ බව පවසා තිබේ. යාපනය දිස්ත්‍රික්කයේ තවඳුරටත් හමුදාව ජනතාවට අයත් ඉඩම් අත්පත්කරගෙන සිටින හෙයින් ජනතාවට ඉඩම් ලබාදීමට නොහැකි තත්වයක් පවතින බවත්, ජනතාවට තම ඉඩම්වලට යෑමට නම් ජනතාවගේ ඉඩම්වලින් හමුදාව ඉවත්ව යා යුතු යැයි පෙන්වාදුන් බව හෙතෙම පවසා සිටියේය.

තවද ඉන්දියාවේ සිට ද ජනතාව යළි දිවියිනට පැමිණෙමින් සිටින හෙයින් එම ජනතාවට අවශ්‍ය ජීවනෝපාය උදව් ලබාදීමට එක්සත් ජාතීන්ගනේ සංවිධානය ඉදිරිපත් විය යුතු යැයි ඉල්ලා සිටි බවත්, එය ගැන සොයාබලා පියවර ගන්නා බවට එක්සත් ජාතීන් සංවිධානයේ නිළධාරින් පොරොන්දු වූ බව ද විග්නේෂ්වරන් මහතා වැඩිදුරටත් පවසා සිටියේය.