SRILANKAN NEWS

දෙමළ ජනතාවගේ ප්‍රශ්ණවලට විසඳුමක් නොදීමෙන් රජය කෙරෙහි ජනතාවට අතෘප්තියක් ඇති වෙයි.. – සම්බන්‍ධන්

දෙමළ ජනතාවගේ ප්‍රශ්ණවලට විසඳුමක් නොදීමෙන් රජය කෙරෙහි ජනතාවට අතෘප්තිමත් තත්වයක් ඇති විය හැකි බව වත්මන් රජය වටහාගත යුතු යැයි විපක්‍ෂ නායක හා දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්‍ධන් මහතා පවසා තිබේ.

ඊයේ (10) දින ඥානමි අරමුදල විසින් වව්නියා ප්‍රදේශයේ ඉදිකළ නිවාස 150ක් ජනතාවට ලබාදීමේ උත්සවයට සහභාගිවෙමින් ඒ මහතා මේ බව පවසා තිබේ.

රටතුල පවතින ජාතික ප්‍රශ්ණයට විසඳුමක් හඳුන්වා දෙමින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් මඟින් අපිත් එකමුතුවෙන්, හා ආත්ම ගෞරවයකින් යුතුව ජීවත්විය යුතු යැයි මෙරට නිදහස් ලැබූ දා පටන් ඉල්ලා සිටින බවත්, එම තීරණය මෙතෙක් ඉටුකර නැති බව ද හෙතෙම පවසා තිබේ.

එම ඉල්ලීමත් සමඟ අතුරුදන්වූවන් පිළිබඳ ප්‍රශ්ණය, ඉඩම් සම්බන්‍ධ ප්‍රශ්ණය, ජනතාවගේ නැවැත පදිංචිය, දේශපාලන සිරකරුවන් පිළිබඳ ප්‍රශ්ණය, පුනරුත්ථාපනය, රැකියා අවස්ථාවන් වැනි ප්‍රශ්ණවලට ද විසඳුමක් ඉදිරිපත් කළ යුතුය.

නව රජයක් පිහිටුවීමට දෙමළ ජනතාව විශාල දායකත්වයක් ලබාදුන්හ. වත්මන් අාණ්ඩුව විසින් පොරොන්දු වූ අාකාරයට සිය ගැටළු සදහා විසදුම් ලබා නොදීම නිසා දමිළ ජනතාව වත්මන් ආණ්ඩුව කෙරෙහි කලකිරීමෙන් සිටිති.

වත්මන් ආණ්ඩුව පත්ව මේ වන විට වසර දෙකක කාලයක් ගත වී අැතත් මැතිවරණයේදී පෙරොන්දු වූ අාකාරයට අතුරුදන් වූවන්ගේ ගැටළු අැතුළු දමිළ ජනතාව මුහුණ දී අැති ගැටළු වලට මෙතෙක් කිසිදු විසදුමක් ලබා දීමට ආණ්ඩුව කටයුතු කර නොමැති බවද හෙතෙම වැඩිදුරටත් පවසා තිබේ.