නීති විරෝධී ලෙස ගිනි අවි හා ජීව අත්බෝම්බ තොගයක් සන්තකයේ තබා ගැනීම, ඒවා සඟවා තබා ගැනීම හා ඊට කුමන්ත්‍රණය කිරීම යන චෝදනා යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සහ ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු සැකකරුවන් 7 දෙනෙකු ලබන 25 වනදා තෙක් යළි රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඊයේ (11) නියෝග කරන ලදී.
හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන මහතා සහ ඔහුගේ පුත් රවිඳු ගුණවර්ධන ඇතුළු සැකකරුවන් ඉහත චෝදනා යටතේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන නඩු පවරන ලදී.
Add Comment