SRILANKAN NEWS

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර ගිවිසුමක්

ශ්‍රී ලංකාව සහ යුරෝපා සංගමය අතර පවතින සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කරමින් ශ්‍රී ලංකාව තුළ ව්‍යාපෘතීන් දෙකක් ක්‍රියාත්මක කිරීම සඳහා යූරෝ මිලියන 42ක (ආසන්න වශයෙන් රුපියල් මිලියන 6791.4) මුල්‍යාධාර ලබාදීමේ ගිවිසුම් සඳහා යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකා රජය අතර එකඟත්වයකට එළැඹී තිබේ.

මේ යටතේ ශ්‍රී ලංකාවේ කෘෂිකාර්මික අංශය නවීකරණ සහයෝගීතා වැඩසටහන සඳහා යූරෝ මිලියන 30ක්ද ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධාන ක්‍රියාවලිය ශක්තිමත් කිරීමේ වැඩසටහන සඳහා යූරෝ මිලියන 12ක්ද ලබාදීමට එකඟතාවය ඇතිකරගන්නා ලද මෙම ගිවිසුම් සඳහා පසුගියදා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග මහතා ශ්‍රී ලංකා රජය වෙනුවෙන් යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා හා මාලදිවයින් තානාපතිවරයා ඉදිරියේදී අත්සන් තැබීම සිදු වූ බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.