ඉදිරි දිනවල වැසි සහිත කාලගුණ තත්වයක්..

ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් අන්තර් මෝසම් වැසි තත්ත්වය වර්ධනය වීමක් අපේක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සවස් කාලයේ සහ රාත්‍රී කාලයේ පවතින වැසි තත්ත්වය ලබන 15 වෙනි දින දක්වා තවදුරටත් බලාපොරොත්තු විය හැක.

දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස 2.00 න් පසුව වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇති වේ. නැගෙනහිර, බස්නාහිර සහ දකුණු පළාත්වල උදැසන කාලයේදීත් වැසි ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

දෘශ්‍ය ලෙස සූර්යයා උතුරට ගමන් කිරීමේදී සූර්යයා, මෙම අප්‍රේල් මස 05 සිට 15 දක්වා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී. අද දින (13), දහවල් 12.11ට තලෛමන්නාරම , කන්නඩි , පරප්පුකුල් සහ පෙරියමඩු යන ප්‍රදේශවලට ආසන්නව හිරු මුදුන්ව පවතී.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top