ජනතාවගේ ගැටලු සැබෑවටම විසඳීම සඳහා දුෂ්ට රාශියෙන් රට මුදා ගෙන නව චක්‍රයක් දක්වා ගමන් කරවිය යුතු බව ජනතා විමුක්ති පෙරමුණ නිකුත් කළ අලුත් අවුරුදු සුබ පැතුම් පණිවුඩයේ සඳහන් වේ.
එම අලුත් අවුරුදු පණිවුඩය මෙසේය.
“සිංහල දෙමළ ජනතාව මහත් උත්සවාකාරයෙන් සමරනු ලබන අලූත් අවුරුද්ද මෙවර 2017 අපේ‍්‍රල් 14 දින උදාවෙයි. ලාංකේය ජනතාවගෙන් වැඩිම පිරිසක් විසින් සමරනු ලබන මෙම සංස්කෘතික උත්සවය වෙනුවෙන් සුභාශිංශන එක්කරනු කැමැත්තෙමු.
සාම්ප්‍රදායික ජ්‍යෝතිෂය විශ්වාසය අනුව අලූත් අවුරුද්ද යනු සූර්යා මීන රාශියේ සිට මේෂ රාශියට මාරු වෙමින් චක්‍රයක් සම්පූර්ණ කිරීම ලෙස සැලකෙයි. නව අවුරුද්ද සෑම අතකින්ම අලුත් බව හා බැඳේ. මෙම විශ්වාසය සමග බැඳුණු සංස්කෘතික උත්සවය මෙරට ජනතාව කෙරෙහි සාධනීය ලෙස බලපාන සමාජ සංසිද්ධියක් නිර්මාණය කරයි. පැරණි අනවශ්‍ය දෑ ඉවත් කර ජීවිතය නැවුම් බවකින් පුරවා ගැනීමට මෙන්ම ජීවිතය මෙතෙක් ආ ගමන දෙස අලුතින් සිතා බැලීමටද එය විසින් ජනතාවට ඉඩකඩ ලබාදෙයි.
පසුගිය වසර 69 පුරාවටම ශ්‍රී ලංකාවේ ගමන් මඟ තුළ පැවති ආණ්ඩු කිසිවක් බහුතර ජනතාව පෙළන ගැටලුවලට විසඳුම් ලබාදීමට සමත් වී නැත. මෙම ආණ්ඩු විසින් කර ඇත්තේ ලාංකේය සමාජය එකම දුෂ්ට චක්රයක ගමන් කරවීමය. එහෙත් ජනතාවගේ ගැටලු සැබෑවටම විසඳීම සඳහා දුෂ්ට රාශියෙන් රට මුදා ගෙන නව චක්‍රයක් දක්වා ගමන් කරවිය යුතුව තිබේ.
පැවති, පවතින ආණ්ඩු විසින් රටටත් ජනතාවටත් නව බලාපොරොත්තු පෙන්වමින් රැගෙන ගොස් ඇත්තේ අර්බුදයේ ගැඹුරටමය. සෑම පුරවැසියෙකුම ලක්ෂ 05කට ආසන්න ණයකරුවෙකු කර රට රුපියල් කෝටි 10,000ට ආසන්න ණය බරක ගිල්වා දැමූ මෙම පාලකයෝ අද එම බර ගෙවීමේ වගකීම පොදු ජනතාව මත පටවමින් සිටිති. නව අවුරුද්දේ තම ජීවිත හා තම දරු පවුල් සම්බන්ධ නව බලාපොරොත්තු ජනතාවගෙන් දුරස්වන්නේ මේ තත්වය තුළය.
අනෙක් අතට රට විනාශකාරී ගමනක රැගෙන ආ නව ලිබරල්වාදී ආර්ථික ක්‍රමය හැරෙන්නට ආර්ථිකයේ අර්බුදයට මුහුණ දීම සඳහා වන ආර්ථික උපායමාර්ගයක්ද මෙම පාලකයින් සතු නොවේ. ඔවුන් දවස ගෙවා ගැනීමේ තාවකාලික විසඳුම් සොයන්නේ රාජ්‍ය දේපළ, ස්වභාවික සම්පත් විදේශයන්ට හා විදේශීය සමාගම්වලට විකිණීමෙනි; දිගු කාලීනව බදු දීමෙනි. කෙසේ වුවද පාලකයින්ගේ සුඛෝපභෝගී ජීවිතවලටවලට අදාළ වියදම් කිසිවක් කප්පාදු නොවෙන අතර ඒවා ඇත්තේ දිනෙන් දින ඉහළ යමිනි.
සහන කපනු ලැබීමේත් බදු බර ඉසිලීමේත් ඉරණමට මුහුණපා ඇති පොදු ජනතාව අලුත් අවුරුද්දේ කෙතරම් එකිනෙකට සුබ පතා ගත්තද අලුත් අවුරුද්ද සුබවීමේ ඉඩක් නැත්තේ මෙම තත්වය තුළය. පසුගිය කාලය පුරාවටම අලූත් අවුරුදු සමය තුළ කරගන්නා ලද ප්‍රාර්ථනා එලෙසින් ඉටු නොවීමේ හේතු ජනතාව විසින් ගැඹුරින් සොයා බැලිය යුතුව තිබේ.
මෙම කටයුත්තට අදාළව ජනතාවට නව අපේක්ෂා, නව අධිෂ්ඨානයන් කුළු ගන්වා ගැනීමට නව අවුරුද්ද විසින් ඉතාම අගනා නිමිත්තක් නිර්මාණය කරනු ලබයි. අලුත් අවුරුද්ද සැබැවින්ම සුබ වනු පිණිස බහුතර ජනතාවක් විසින් තමන් එතෙක් දරමින් සිටි පැරණි ආකල්පවලින් මිදී නව ගමනක් යාම සඳහා නව අදහස් තමන්ගේ සිත්වල ඇතිකර ගත යුතුව තිබේ.
මෙහි පළමු පියවර පැරණි දේශපාලන තීරණ වෙනස්කර නව දේශපාලන තීරණ ගැනීමට වන පෙළඹවීම යැයි අපි විශ්වාස කරමු. එසේම රටත් ජනතාවත් සැබෑ ජයග්‍රහණ කරා රැගෙන යන සහ නව සමාජයක් ගොඩ නඟන නව දේශපාලන ගමනකට පෙළගැසීමට ජනතාව විසින් අලුත් අවුරුද්ද නව ජවයක් කර ගනු ඇතැයිද අපි බලාපොරොත්තු වෙමු.
උදා වූ සිංහල-දෙමළ අලුත් අවුරුද්දේ, පුළුල් සමාජ වෙනසක් වෙනුවෙන් දැවැන්ත ජනතා බලයක් ගොඩ නැගීමට අදිටන් කරගන්නා මෙන්ද ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වීමට අවශ්‍ය ධෛර්ය කුළු ගන්වාලන අවස්ථාවක් බවට පත්කරගන්නා මෙන්ද එකම ලාංකේය ජාතියක් බවට ගොඩනැගෙන ජාතික සමගියේ නිමිත්තක් බවට එය පත්කරගන්නා මෙන්ද අපි දැඩි සහෝදරත්වයෙන් ඉල්ලා සිටිමු.”
Add Comment