කෝටි 07ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට

රුපියල් කෝටි 07ක් වටිනා ස්වර්ණාභරණ තොගයක් සමග කටුනායක ගුවන් තොටුපලේ දී පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත. ශ‍්‍රී ලංකා රේගුව පවසන පරිදි අද (17) අලුයම කළ වැටලීමක දී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ පුද්ගලයා ඩුබායිහි සිට පැමිණි ගුවන් යානයකින් කටුනායකට පැමිණ අතර ස්වර්ණාභරණ තොගය ඔහුගේ අත්බෑගය තුළ සඟවා ගෙන පැමිණි බව රේගුව වැඩි දුරටත් සදහන් කර ඇත.

මේ පිළිබදව අදහස් දක්වමින් නියෝජ්‍ය රේගු අධ්‍යක්‍ෂ පරාක‍්‍රම බස්නායක මහතා සදහන් කර ඇත්තේ මෙම ස්වර්ණාභරණ තොගයේ මුළු බර කිලෝග‍්‍රෑම් 10ක් පමණ වන බවයි.කොළඹ ග‍්‍රෑන්ඞ්පාස් ප‍්‍රදේශයේ පදිංචි 38 වන වියේ පසුවන පුද්ගලයෙකු මෙලෙස අත්අඩංගුවට පත්ව ඇති බව සදහන්.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top