මහින්දගේ සී ෂෙල්ස් සංචාරයට මිලියන 100ක් වියදම් කර ඇති බව හෙළිවේ..

Mahinda2013 හා 2014  වසරේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සීෂෙල්ස් රාජ්‍යයේ සිදුකළ සංචාර දෙකක් වෙනුවෙන් රජයේ මුදල් රුපියල් මිලියන 100ක් වැය කර ඇතැයි අනාවරණ වී තිබේ.

2013 වසරේ පලමු සංචාරය සදහා හිටපු ජනාධිපතිවරයා හා ඔහුගේ වැඩිමල් පුතුවන නාමල්  රාජපක්ෂ මහතාද එක්ව ඇති බවත් ඒ වෙනුවෙන් වැය කර ඇති මුදල රුපියල් මිලියන 50 ක් බව සී ෂෙල්ස් හී ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කර තිබේ.

2014 වසරේ මහින්ද රාජපක්ෂ මහතා සිදුකළ සංචාරය සදහා 97 දෙනකු එක් කර ගෙන තිබුණි. සීෂෙල්ස් රාජ්‍යයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය විවෘත කර තිබුණේ එම සංචාරයෙන් අනතුරුවය. ඊට සමගාමීව ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් හා ලංකා බැංකුවේ හාඛාවක්ද සීෂෙල්ස් හී පිහිටුවන ලදී. ඒ සදහා හිටපු ඇමති විමල් වීරවංශ මෙන්ම ඔහුගේ බිරිද වන ශෂී වීරවංශද සහභාගිවූහ.

සී ෂෙල්ස් රාජ්‍යයේදී ඔවුන් වෙනුවෙන් කුලී පදනම මත වාහන 68   හා ජංගම දුරකථන 68ක් රජයේ මුදලින් මිලදී ගෙන ඇති බව වාර්තාවී ඇති අතර, මෙම වියදම් සම්බන්ධයෙන් මේ වන විට පරීක්ෂණයක් ආරම්භ කර තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top