රිය අනතුරුවලින් තිදෙනෙකු මරුට

හික්කඩුව ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු ජීවිතක්‍ෂයට පත්වී ඇති අතර, අක්කරපත්තුව ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් තවත් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්‍ෂයට පත්වී තිබේ.

හික්කඩුව, නාරිගම දුම්රිය හරස් මාර්ගයේ දී ත්‍රීරෝද රථයක් දුම්රියක ගැටීමෙන් සිඳුවූ අනතුරින් ත්‍රීරෝද රථයේ රියදුරු බරපතල තුවාල ලබා හික්කඩුව රෝහලට ඇතුලත් කළ අතර, වැඩිදුර ප්‍රතිකාර සදහා කරාපිටිය රෝහලට ඇතුලත් කරන අතරතුර ඔහු මියගිය ගොස් තිබේ. මෙලෙස මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 23ක් වූ ඔහු හික්කඩුව මිල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

මේ අතර අක්කරෙයිපත්තුව ප්‍රදේශයේ දී සිදුවූ අනතුරකින් යතුරුපැදියක ගමන් ගත් දෙදෙනෙකු මිය ගොස් තිබේ. යතුරුපැදිකරුට වේගය පාලනය කර ගත නොහැකිව එය මාර්ගයෙන් ඉවතට පැන තාප්පයක ගැටීමෙන් මෙම අනතුර සිඳුව තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top