බන්දුල ශ්‍රී.ල.නි.ප. සංවිධායක ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි..

Banthula_CIපාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ හෝමාගම, ආසන සංවිධායක ධූරයෙන්  ඉල්ලා අස්වීමට තීරණය කර තිබේ.

අද (21) හෝමාගම ප‍්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් බන්දුල ගුණවර්ධන මහතා  මේ බව ප‍්‍රකාශ කර තිබේ. ඊට අදාළ ලිපිය හෙට(22) දිනයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට භාර දීමට නියමිත බවද වාර්තා වෙයි.

පසුගියදා ශ‍්‍රීලනිප සංවිධායක ධූරවලින් ඒකාබද්ධ විපක්ෂයේ පෙනී සිටින පිරිසක් ඉවත් කිරීමට එහි සභාපති මෛත‍්‍රිපාල සිරිසේන කටයුතු කළ පසුව ඒකාබද්ධ විපක්ෂයේ සෙසු අයද ස්ව කැමැත්තෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව පැවැසේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top