තුර්කියේ සිඳුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් 12ක් මරුට

තුර්කියේ සිඳුවූ හෙලිකොප්ටර් යානා අනතුරකින් පුද්ගලයින් 12දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.

පොලිස් නිලධාරීන් හා විනිසුරුවරුන් කිහිප දෙනෙකු රැගෙන රාජකාරි කටයුත්තක් සඳහා පිටත්වූ තුර්කි පොලීසියට අයත් හෙලිකොප්ටර් යානාවක් මෙලෙස අනතුරට පත්ව තිබේ.

පැවති අයහපත් කාලගුණ තත්වය නිසා සංඥා පද්ධතිය අවහිරවීම හේතුවෙන් මෛ අනතුර සිදුවන්නට ඇති බව තුර්කි මාධ්‍ය වාර්තා කරයි. අනතුරට ලක්ව ජීවිතක්ෂයට පත්වූ පුද්ගලයින් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇති නමුත්, පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එම මෙහෙයුම්වලට බාධා මතුව ඇති බවද වාර්තාවේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top