විපතට පත්ව නිවාස අහිමි වූ මීතොටමුල්ල ජනතාවට නිවාස ලබාදීම හෙට සිට ආරම්භ කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උපදෙස් ලබාදී තිබේ.
විපතට පත් ජනතාවට සහන සැළසීම පිළිබද අද පෙරවරුවේ ආපදා කලමනාකරන අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙලෙස උපදෙස් ලබාදී තිබේ. ඒ අනුව මීතොටමුල්ල විපතට පත් ජනතාව නැවත පදිංචිකිරීමේ කටයුතු කඩිනම් කරමින් පූර්ණ හානි සිදුව නිවාස අහිමි වූ පවුල් අනූඅටකට නිවාස ලබාදීම හෙට සිට ආරම්භ කිරීමට නියමිතය.
මීතොටමුල්ල ප්‍රදේශයේ අවදානම් කලාපයේ සිටින පිරිස ඉවත් කිරීම, ඔවුන්ට අවශ්‍ය යටිතල පහසුකම් සැලසීම, ඉදිරි මාස කිහිපය ඇතුළත ප්‍රදේශයේ කුණු ඉවත් කිරීම, අනවසර පදිංචි කිරීම් තහනම් කිරීම වැනි කටයුතු කඩිනමින් සිදු කිරීමටද ජනාධිපතිවරයා එහිදී උපදෙස් ලබාදී තිබේ.
Add Comment