හමුදාව යටතේ තිබෙන ඉඩම් නිදහස් කරන්නැයි ඉල්ලා මන්නාරමේදී උද්ඝෝෂණයක්..

මන්නාරම දිස්ත්‍රික්කයේ ජනතාවට අයත් ඉඩම්වලින් හමුදාව ඉවත්විය යුතු යැයි ඉල්ලා අද (19) දින පෙරවරුවේ මන්නාරම රදගුරු නිවසේ ප්‍රධානත්වයෙන් උද්ඝෝෂණයක් පවත්වා තිබේ.

මන්නාරම දිස්ත්‍රික්ක රදගුරු ජෝසෆ් කිංස්ලි ස්වාමිපිල්ලේ පියතුමන් ඇතුළු විශාල පිරිසක් මෙම උද්ඝෝෂණයට එක්වූහ. ඉකුත් උද්ඝෝෂණයට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් වන මාවයි සේනාදිරාජා, එස්. ශ්‍රීදරන්, චාර්ල්ස් නිර්මලනාදන්, උතුරු පළාත් සභා මන්ත්‍රී ජී. ගුණසීලන්, එස්. ප්‍රීමූස් සිරායිවා, ටෙලෝ ව්‍යාපාරයේ දිස්ත්‍රික්ක සංවිධායක පට්‍රික් විනෝ, මන්නාරම දිස්ත්‍රික්ක පොදු සංවිධානවල නියෝජිතයන් ද සහාය පළ කර තිබුණි.

එහිදී ජනාධිපතිවරයා වෙත භාරදීම සඳහා මුල්ලිකුලම් ජනතාව වෙනුවෙන් ලියන ලද ලිපියක් ද මන්නාරම දිස්ත්‍රික්ක ලේකම්වරයා වෙත භාරදී තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top