අතුරුදන්වූවන්ගේ ප්‍රශ්ණයට කඩිනමින් විසඳුමක් – සුමන්දිරන්

අතුරුදන්වූවන් පිළිබඳ කාර්‍යාලය පිහිටුවීම සම්බන්‍ධ පනත පාර්ලිමෙන්තුවේදී සම්මත කිරීමෙන් අනතුරුව, එම කාර්‍යාලය පිහිටුවා අතුරුදන්වූවන්ගේ ප්‍රශ්ණයට කඩිනමින් විසඳුමක් ලබාදෙන බව දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී එම්. ඒ. සුමන්දිරන් මහතා පවසා තිබේ.

අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් පවත්වාගෙන යන විරෝධතා ව්‍යාපාරයන් ගැන යාපනයේදී මාධ්‍යට අදහස් ප්‍රකාශ කරමින් මන්ත්‍රීවරයා මේ බව පවසා තිබේ.

තවද අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ ඉල්ලීම් ගැන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩි අවධානයක් යොමු කර ඇති බවද හෙතෙම පවසා තිබේ. අතුරුදන්වූවන් පිළිබඳ කාර්‍යාලය පිහිටුවීම සම්බන්‍ධ පනතා සම්මත වීමෙන් අනතුරුව අතුරුදන්වූවන්ගේ ප්‍රශ්ණවලට කඩිනමින් විසඳුමක් ලබාදීමට පියවර ගන්නා බවට ජනාධිපතිවරයා පොරොන්දු වූ බව ද සුමන්දිරන් මහතා වැඩිදුුරටත් පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top