ත්‍රිවිධ හමුදාව යටතේ ඇති ජනතා ඉඩම් නිදහස් කිරීම ගැන සාකච්ඡාවක්..

කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ ත්‍රිවිධ හමුදාව යටතේ තිබෙන ජනතාවට සහ දෙපාර්තුමෙන්තුවලට අයත් ඉඩම් නිදහස් කිරීම සම්බන්‍ධ සාකච්ඡාවක් අද (20) දින කිලිනොච්චිය දිස්ත්‍රික්ක ලේකම් කාර්‍යාලයේදී පැවැත්වුණි.

පාර්ලිමෙන්තු මන්ත්‍රී මාවයි සේනාදිරාජා, එම්.ඒ. සුමන්දිරන්, සරවණබවන්, ශ්‍රීදරන්, පළාත් සභා මන්ත්‍රීවරුන් වන පසුපතිපිල්ලේ, දිස්ත්‍රික්ක ලේකම් සුන්දරම් අරුමයිනායකම්, ආරක්‍ෂක අමාත්‍යංශයේ ශ්‍රේෂ්ඨ සහකාර ලේකම් සාමන්දි වීරසිංහ, කිලිනොච්චිය ත්‍රිවිධ හමුදා අඥාපතිවරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට සහභාගිවූහ.

එහිදී සාකච්ඡාවේ ආරම්භයේදී විනාඩි කිහිපයක් පමණක් ශාලාවට ඇතුල්වීමට මාධ්‍යවේදීන්ට අවසර ලබාදී තිබුණි. මෙම අවස්ථාවට ප්‍රාදේශිය ලේකම්වරුන් සහ ඉඩම් නිළධාරීන්ද සහභාගිවූහ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top