මීතොටමුල්ල කුණු ප්‍රශ්ණයට විසඳුමක් සෙවීමට මුදල් වෙන් කළා – මහින්ද රාජපක්‍ෂ

මීතොටමුල්ල කුණු ප්‍රශ්ණයට ස්ථීර විසඳුමක් ලබා දීම සඳහා 2015 වසරේ දී තම අවසන් අයවැයෙන් මුදල් වෙන් කළ බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා වැඩිදුරටත් පවසා සිටින්නේ අදාළ ගැටඵව විසඳිම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග දියත් කිරීමට කටයුතු යොදා තිබුණ ද වත්මන් ආණ්ඩුව බලයට පත්වමිත් සමඟ එම ක්‍රියාමාර්ග දියත් කිරීමට පියවර නොගත් බවයි.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් කුරුණෑගල ප‍්‍රදේශයේ පැවති උත්සවයකට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා මේ බව කියා සිටින ලදි. කෙසේ වෙතත් අවතැන් වු ජනතාව ඉතා ඉක්මනින් සුදුසු ස්ථානයක් වෙත යොමු කරවන ලෙසත් ඔවුන්ට අවශ්‍ය ප‍්‍රතිපාදන සපයා දෙන ලෙසත් තමන් රජයෙන් ඉල්ලා සිටින බව ද මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී වැඩි දුරටත් පැවසීය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top