අපගේ ආගමික කටයුතුවල සහ දෛනික ජීවනෝපාය කටයුතුවල හමුදා මැදිහත්වීමක් තිබීම කිසිසේත්ම පිළිගත නොහැකි බව වට්ටුවාකල් ජනතාව පවසා තිබේ.
මුල්ලතිව් වට්ටුවාකල් ප්‍රදේශයේ පිහිටි එයිහාසික සප්තකන්නිමාර් අම්මන් කෝවිලේ පාරම්පරික ආගමික කටයුතුවල දිගින් දිගටම හමුදාව මැදිහත්වීම පිළිගත නොහැක. වසර ගණනාවක් තිස්සේ පාරම්පරිකව අපි පිළිපැදින ආගමික කටයුතු දැන් නිසිලෙස ඉටුකිරීමට නොහැකි තත්වයක් පවතින බව එම ජනතාව පවසා තිබේ.
ඉදිරි මාස කිහිපයකින් ආරම්භ වන කෝවිල් පූජා උත්සවයට සමගාමීව කෝවිලේ සිට මුහුදු වෙරළට ගොස් ජලය රැගෙන ඇවිත් එම ජලයෙන් පහන් දල්වන විශ්මිත පූජාව පැවැත්වීම සාමාන්‍ය කටයුත්තකි. නමුත් පසුගිය වසර කිහිපයක් තිස්සේ අපගේ පාරම්පරික ආගමික කටයුතු නිසිලෙස ඉටුකිරීමට නොහැකි තත්වයක සිටින්නෙමු. වට්ටුවාකල් නන්දිකඩල් ප්‍රදේශයේ කඳවුරු ඉදිකර සිටින හමුදාව මුහුදට යන මාර්ගය වසා දමා තිබේ. අපගේ ආගමික කටයුතු නිදහසේ සිදු කිරීමට නොහැකිව තිබේ.
අපගේ ඉඩම් බලහත්කාරයෙන් අත්පත්කරගෙන කඳවුරු බැඳ සිටින හමුදාව ඉවත්වීමෙන් අපගේ ආගමික කටයුතු සහ ධීවර රැකියාව නිදහසේ සිදු කිරීමට හැකි බව එම ජනතාව වැඩිදුරටත් පවසා තිබේ.
Add Comment