ඉල්ලීම් තුනක් සම්බන්ධයෙන් විසදුම් ඉල්ලා ඛනිජ තෙල් සංස්ථා වෘත්තීය සමිති විසින් ඊයේ (23) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඛණ්ඩ වැඩ වර්ජනයක් අාරම්භ කර අැත.
ත්‍රිකුණාමලය චීන වරාය ඉන්ධන ටැංකි ඉන්දියාවට පැවරීම, හම්බන්තොට වරායේ ඉන්ධන ටැංකි චීන සමාගමකට පැවරීම සහ සපුගස්කන්ද තෙල් පිරිපහදුව රජයේ මැදිහත්වීමෙන් නවීකරණය කිරීම යන ප්‍රධාන කරුණු තුන මුල් කරගනිමින් අඛණ්ඩ වර්ජනයක් අාරම්භ කරන බව ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුව ඊයේ (23) කොළොන්නාවේදී මාධ්‍ය හමුවක් පවත්වමින් පවසා සිටින ලදී.
මේ අතර ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි පවසන්නේ, තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට ලබා දීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ තීරණයක් ගෙන නොමැති බවයි.
මේ අතර වර්ජනය හේතුවෙන් ඉන්ධන හිඟයක් ඇතිවිය හැකි බවට ඇතිවූ බිය හේතුවෙන් ඊයේ මධ්‍යම රාත්‍රිය තෙක්ම ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලම් දක්නට ලැබිණ.