රනිල් හෙට ඉන්දියාවේ සංචාරයක

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියාවේ නිල කාර්ය සංචාරයක් සඳහා හෙට. (25 දා) දිවයිනෙන් පිටත්ව යෑමට නියමිතය.

මෙම සංචාරයේ දී වික්‍රමසිංහ මහතා, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා සමග ද්විපාර්ශවික සාකච්ඡා පවත්වන අතර, ජ්‍යෙෂ්ට අමාත්‍යවරුන් සහ ඉන්දීය ජාතික කොංග්‍රසයේ සභාපතිනි සෝනියා ගාන්ධි මහත්මිය ද හමුවනු ඇත.

මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ, ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා, සංවර්ධන උපායමාර්ග සහ ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, අතිරේක ලේකම් සමන් අතාවුදහෙට්ටි සහ විශේෂ සහායිකා සැන්ඩ්‍රා පෙරේරා යන මහත්ම මහත්මීහුද මේ සංචාරයට එක්වෙති.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top