INDIAN NEWS

ඉන්දියාවේ රිය අනතුරුවලින් දිනකට 410ක් ජීවිතක්‍ෂයට..

ඉන්දියාවේ පසුගිය වසරේ සිඳුවූ රිය අනතුරුවලින් දිනකට සාමාන්‍යන් 410 දෙනෙකු මියගොස් ඇති බව වාර්තාවේ.

ලොව රිය අනතුරුවලින් වැඩි පිරිසක් මිය යන රටවල් අතර ඉන්දියාව ද ඉදිරියෙන් සිටියි. ඉන්දියාවේ පසුගිය වසරේදී සිඳුවූ රිය අනතුරුවලින් දිනකට 410 දෙනෙකු පමණ මිය ගොස් ඇති බව ඉන්දියාවේ පුද්ගලික පුවත් ආයතනයක් විසින් කළ පරීක්‍ෂණයකින් හෙළිවී තිබේ.

එම වාර්තාවට අනුව පසුගිය වසරේදී රිය අනතුරුවලින් පමණක් එක් ලක්‍ෂ 50 දාහක් මිය ගොස් ඇති බවත්, එලෙස 2015 වසරේදී එක් ලක්‍ෂ 46 දාහක් මිය ගොස් ඇැති බව පැවැසේ.