මුදල් සහ වෙනත් ඉඩම් ලැබුණොත් සති හයකින් ඉඩම් නිදහස් කිරීමට සූදානම් – හමුදාව

කේප්පාපිලවු හමුදා කඳවුර වෙනත් තැනක ඉදිකිරීමට සහ මන්නාරම මුල්ලිකුලම් ප්‍රදේශයේ පිහිටි ගොවිතැන් ඉඩම් නිදහස් කිරීමට මුදල් වෙන් කිරීමක් නැති බවත්, ඒ සඳහා මුදල් ලැබුණොත් සති හයකින් ඉකුත් ඉඩම් නිදහස් කිරීමට පියවර ගන්නා බව ප්‍රකාශ කර තිබේ.

මේ සම්බන්‍ධයෙන් ඊයේ දින ආරක්‍ෂක අමාත්‍යංශයේ පැවැති විශේෂ සාකච්ඡාවකදි මෙම නිවේදනය නිකුත් කර ඇති බව පැවැසේ.

බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම හා හින්දු ආගමික කටයුතු ඇමැති ඩි.එම්. ස්වාමිනාදන්, ආරක්‍ෂක රාජ්‍ය ඇමැති රුවන් විජයවර්ධන සහ ආරක්‍ෂක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් මෙම සාකච්ඡාවක් පැවැත්වුණි.

ජනතාවගේ ඉඩම් නිදහස් කිරීමට සූදානමින් සිටින බවත්, තම කඳවුරු වෙනත් තැනක ඉදිකිරීමට ඉඩම් හා මුදල් ලැබුණු සැණින් ඉකුත් ඉඩම් නිදහස් කරන බව එම සාකච්ඡාවට සහභාගිවූ හමුදාපතිවරයා පොරොන්දුවී තිබේ.

මේ අතර, ඉඩම් ලබා ගැනීමට සහ හමුදා කඳවුර ඉදිකිරීමට අවශ්‍ය මුදල ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍ය ස්වාමිනාදන් මහතා එහිදී පවසා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top