SRILANKAN NEWS

පොලිස් ආරක්‍ෂාව මැද යාපනයේ හින්දු කෝවිලක් කඩා ඉවත් කරයි..

GTN Special News 01යාපනයේ හින්දු භක්තියන්ගේ උපවාස දිනයක් වන පසුගිය ඉරිදා දින දශක ගණනක් පැරණි හින්දු කෝවිලක් පොලිස් ආරක්‍ෂාව මැද කඩා ඉවත්කර තිබේ. ඉකුත් කෝවිලේ තිබූ මුරුගන් වේලායුධය ද පොලිසිය රැගෙන ගොස් තිබේ.

යාපනය කාරයිනගර් ආලඩි වේල් මුරුකන් කෝවිල මෙලෙස කඩා විනාශ කර තිබේ. මේ සම්බන්‍ධයෙන් වැඩිදුරටත් වාර්තාවන්නේ,

පසුගිය 1918 වසරේ ඉදිකළ ඉකුත් කෝවිලදී ප්‍රදේශවාසීන් සිය ආගමික කටයුතු පවත්වාගෙන ගොස් තිබේ. පසුගිය දින කිහිපයකට පෙර එහි පැමිණි පුද්ගලයකු ඉකුත් කෝවිල පිහිටා තිබෙන ඉඩම තමන්ට අයිති බවත් එමෙන් එම කෝවිල ඇතුළු ඉඩම තමන්ගේ බව ප්‍රකාශ කර තිබේ.

මේ හේතුවෙන් ඉකුත් පුද්ගලයා සහ කෝවිලේ පූජා කටයුතුවල නිරතවූවන් අතර අර්බුදකාරි තත්වයක් ඇතිවීමත් සමඟ එම පුද්ගලයා ඌකාට්තුරයි පොලිසිය ලවා පූජා කටයුතුවල නිරතවූවන්ව තර්ජනය කර තිබේ.

මෙවැනි තත්වයකදී ප්‍රදේශවාසීන් විසින් ඌර්කාවටිතුරයි අධිකරණයේදී විශ්වාසය දේපල පනත යටතේ පසුගිය 12 වන දින නඩු පවරා තිබේ. එම නඩුව අධිකරණ විභාගයේ තිබියදී ඉරිදා දින හින්දු භක්තියන්ගේ ආවනි උපවාස දිනය නිමිත්තෙන් ඉකුත් කෝවිලේදී පූජා කටයුතු පවත්වා තිබුණි.

එම අවස්ථාවේ එහි පැමිණි කෝවිලේ ඉඩමට අයිතිවාසිකම් කියන පුද්ගලයා පොලිසියේ සහාය ඇතිව පූජා කටයුතු නවතා දැමූ අතර, කෝවිලේ තිබූ භාණ්ඩ සියල්ල විනාශ කරමින් එහි මුරුකන් පිළිමය සතුව තිබූ වේලායුධය ද රැගෙන කෝවිල සම්පූර්ණයෙන් කඩා විනාශ කර තිබේ.

අධිකරණයේ නඩු පවරා තිබෙන අවස්ථාවක මෙලෙස නීති විරෝධි ලෙස කොවිල කඩා ඉවත් කිරීම සම්බන්‍ධයෙන් ප්‍රදේශවාසීන් සිය කනස්සල්ල පළ කර තිබේ.