මන්නාරම මාර්ගයේ අනතුරකින් අයෙකු මරුට 26 කට තුවාල

20160822_125052_CIකිලිනොච්චිය – පූනකරි මන්නාරම මාර්ගයේ ඊයේ සඳුදා දින සිදුවු රිය අනතුරකින් කාන්තාවක මියගොස් තවත් 26 දෙනෙකු තුවාල ලබා තිබේ.

මඩු ප්‍රදේශයේ සිට යාපනය බලා ගමන් කළ වන්දනාකරුවන් පිරිසක් රැගත් පුද්ගලික බස් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරළීයාමෙන් අනතුර සිදුව ඇති බව පොලීසිය සඳහන් කරයි.

රියදුරුගේ නොසැලකිල්ල හේතුවෙන් මෙම අනතුර සිදුවී තිබිය හැකි බවට සැක පළකර තිබේ. අනතුරෙන් තුවාල ලැබු  පුද්ගලයින් 26 දෙනෙකු යාපනය රෝහලට ඇතුළත් කිරීමේ දී ඉන් කාන්තාවක මියගොස් තිබේ.

අනතුර සම්බන්ධයෙන් නාච්චිකුඩා පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top