SRILANKAN NEWS

කිලිනොච්චිය අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ සත්‍යග්‍රහය – අදට දින 69යි..

අතුරුදන්වූවන්ගේ ඥාතීන් විසින් කිලිනොච්චියදී පවත්වාගෙන යන සත්‍යග්‍රහයට අදට දින 69ක් අවසන්වී තිබේ. අතුරුදහන්වුවන්ගේ පවුල් එකමුතුව විසින් ආරම්භ කරනු ලැබ ඇති සත්‍යග්‍රහය පසුගිය පෙබරවාරි මස 20 වනදා කිලිනොච්චිය කන්දසුවාමි කෝවිල ඉදිරිපිට ආරම්භ කරනු ලැබුවේ තමන්ට විසඳුමක් ලැබෙන තුරු සිය සත්‍යග්‍රහය අවසන් නොකරන බවට පවසමිනි.

කෙසේ නමුත් මෙතෙක් කිසිඳු විසඳුමක් ලැබී නොමැති තත්වයක ඉකුත් සත්‍යග්‍රහය දිගටම පවත්වාගෙන යෑමට එම ජනතාව තීරණය කර තිබේ.