SPORTS

ටෙස්ට් ක්‍රිකට් ශ්‍රේණිගත සටහනේ පාකිස්ථානය පළමුවන ස්ථානයට

Pakistan Flagපළමු වරට ලොව ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් සටහනේ පළමුවන ස්ථානය හිමිකර ගැනීම පාකිස්ථාන කණ්ඩායම සමත්ව තිබේ.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් 2013 සිට ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම හඳුන්වාදී තිබුණි. එහි ප්‍රථම වරට පාකිස්ථාන කණ්ඩායම පළමුවන ස්ථානය හිමිකරගෙන තිබේ.

මෑතකදී ඉන්දියාව සහ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම අතර පැවැති ටෙස්ට් තරඟය වර්ෂාව හේතුවෙන් නොපැවැත්වුණි. මේ අතර, එංගලන්ත කණ්ඩායම සමග පැවැති තරග 4කින් සමන්විත ටෙස්ට් තරගාවලිය දෙකට දෙකක් ලෙස අවසන් කිරීමටද මිස්බා උල් හක් ප‍්‍රමුඛ පාකිස්තාන කණ්ඩායම ඉකුත්දා සමත්වූහ.

ඒ අනුව ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් සටහනේ මීට පෙර පළමුවන ස්ථානයේ පසු වූ ඉන්දීය කණ්ඩායම දෙවන තැනට පත්වූ අතර, ප‍්‍රසාද ලකුණු 111ක් හිමිකර ගනිමින් පාකිස්ථානය පළමු ස්ථානය හිමිකරගෙන තිබේ.

පාකිස්ථානය කණ්ඩායම ආරක්‍ෂක හේතු මත පසුගිය වසර හයක කාලයක් පාකිස්ථානයේ ටෙස්ට් තරඟවල සහභාගි නොවීම ද විශේෂත්වයකි.

නවතම ශ්‍රේණිගත කිරීම් සටහනට අනුව, ඉන්දීය කණ්ඩායම දෙවන ස්ථානයේත්, ඔස්ට්‍රේලියානු කණ්ඩායම 3 වන ස්ථානයෙත්. එංගලන්ත කණ්ඩායම සිවුවන ස්ථානයේත්, නවසීලන්ත කණ්ඩායම 5 වන ස්ථානයේත් පසුවේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ටෙස්ට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් සටහනේ පසුවන්නේ 6 වැනි ස්ථානයේයි.