ජන්ද දායකයන්ට මුදල් දෙන අපේක්‍ෂකයන්ට වසර හයකට අපේක්‍ෂත්වය නොදිය යුතුයි – මැතිවරණ කොමිසම

ජන්ද දායකයන්ට මුදල් ලබා දෙන අපේක්‍ෂයන්ට ඉදිරි වසර හයක කාලයක් මැතිවරණයකට ඉදිරිපත්වීම තහනම් කිරීමේ පනතක් හඳුන්වාදිය යුතු යැයි ඉන්දිය මැතිවරණ කොමිසම විසින් එරට මධ්‍යම අධිකරණ හා නීති අමාත්‍යංශය වෙත ලිඛිතව ඉල්ලා තිබේ.

ඉන්දියාවේ මනාපයකට මුදල් ගෙවීමේ තත්වය බහුලවී ඇති බව පෙන්වාදී තිබෙන මැතිවරණ කොමිසම එය මැඩපැවැත්වීම සඳහා නීතිය ක්‍රියාත්මක කළ යුතු බව පවසා තිබේ.

ජන්දදායකයන්ට මුදල් ලබා දෙන අපේක්‍ෂයන්ට එරෙහිව අල්ලස් දූෂණ නීතිය යටතේ නඩු පැවැරිය යුතු බවත්, ඔවුන්ට එරෙහිව අධිකරණයේ චෝදනාව ඉදිරිපත් කළ දිනයේ සිට ඉදිරි වසර හයකට ඔවුන්ට මැතිවරණයකට අපේක්‍ෂයන් ලෙස ඉදිරිපත්වීම තහනම් කිරීමේ අයුරින් නීතිමය ක්‍රියාමාර්ගයක් ඉදිරිපත් කළ යුතු බව ඉල්ලා තිබේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top