කම්කරු දිනය වෙනුවෙන් පක්‍ෂ හා සංවිධානවලින් රැස්වීම් රැසක්..

මෙවර කම්කරු දිනය වෙනුවෙන් විවිධ පක්‍ෂ හා සංවිධානවලින් රැස්වීම හා පෙළපාළි රැසක් පැවැත්වීමට නියමිත බව වාර්තාවේ.

ඒ අනුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රධානත්වය දරන ශ්‍රීලනිප හා එක්සත් ජනතා නිදහස් සන්ධානය මෙහෙයවන මැයි දින රැලිය මැයි පළමු වැනිදා මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. පෙළපාළිය ගන්නෝරුව මංසන්ධියෙන් පස්වරු 1ට පිටත් වේ.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා‍‍ගේ ප්‍රධානත්වයෙන් එක්සත් ජාතික පක්ෂයේ මැයි දිනය බොරැල්ල කැම්බල් පිටියේදී පැවැත්වේ. පෙළපාළිය මරදාන එල්පින්ස්ටන් සිනමා ශාලාව අසලින් ඇරැඹේ.

ජනතා විමුක්ති පෙරමුණේ මැයි දින පෙළපාළිය දෙහිවල එස්.එස්. ද ජයසිංහ ශාලාව අසලින් ඇරැඹේ. රැලිය තිඹිරිගස්යා‍යේ බී‍ආර්සී ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.

ඒකාබද්ධ විපක්ෂයේ රැලිය ගෝල්ෆේස් පිටි‍යේදී පැවැත්වෙන අතර, පෙළපාළිය කොම්පඤ්ඤ වීදියෙන් ඇරඹේ. පෙරටුගාමී පක්ෂයේ මැයි දින රැලිය පිටකොටුවේ ගුණසිංහ පුර අසල ප්‍රයිස් පාර්ක්හිදී පවත්වයි‍. ලංකා කම්කරු කොංග්‍රසයේ මැයි දින රැලිය ගිනිගත්හේනේදී පැවැත්වේ.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top