ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට සහභාගී වීමට දිවයිනට පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම සංචාරයේදී කිසිදු ගිවිසුමකට අත්සන් තබන්නේ නැති බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා පවසනවා. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ පැමිණීම පිළිබඳ ඇතැම් මාධ්‍ය, වෙබ් අඩවි සහ සමාජ මාධ්‍ය ගෙන යන ප්‍රචාර මුළුමණින්ම අසත්‍ය බවයි ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කරන්නේ.
මඩකලපුව ඔඩ්ඩමාවඩි මහා විද්‍යාලයේ සියවස් සමරු උත්සවයට සහභාගී වෙමිනුයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මෙම අදහස් පළකළේ. මඩකලපුව ඔඩ්ඩමාවඩි මහා විද්‍යාලයේ සියවස් සමරු උත්සවය නිමිත්තෙන් සංවිධාන කළ වෙළෙඳ සහ අධ්‍යාපන ප්‍රදර්ශනය නැරඹීමට ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහභාගී වුණා. විද්‍යාලයේ තෙමහල් පරිපාලන ගොඩනැගිලි සංකීර්ණය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතින්.
සියවස් සැමරුම වෙනුවෙන් නිකුත් කළ සමරු කලාපය ජනාධිපතිතුමා වෙත පිරිනැමුණා. ශ්‍රී ලංකාවට සෑම රටකම මිත්‍රශීලී සහයෝගය හිමිව ඇති බව අවධාරණය කළ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ ඒ ඔස්සේ ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් ලෙස ගොඩනැගිය හැකි බවයි. එම වැඩපිළිවෙළේදී සියලු ජන කොටස් අතර තිබිය යුතු සාමය සහ විශ්වාසය බිඳ දැමීමට අන්තවාදී පිරිසක් උත්සාහ දරන බව ද ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළා. මේ පිළිබඳ ජනතාව නිවැරදි අවබෝධයෙන් ක්‍රියා කළ යුතු බව ජනාධිපතිතුමා කියා සිටියා. නැගෙනහිර පළාතේ දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමට විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. විදුහල්පති ඒ එම් හලීම් ඉෂාඩ් ජනාධිපතිතුමාට සිහිවටන තිළිණයක් ද පිළිගැන්වුවා.
Add Comment