පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දෙමළ සිසුන්ට සිංහල සිසුන්ගෙන් ප්‍රහාරයක්

Pera Student_CI (1)පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දෙමළ සිසුන්ට සිංහල සිසුන් කළ පහරදීමකින් සිසුන් 12 දෙනෙකු රෝහල් ගත කර තිබේ.

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ විද්‍යා පීඨයේ ඉගෙනුම ලබන පළමු වසරේ දෙමළ සිසුන් කුරින්චික් කුමරන් පූජා කටයුතු නිමකර සිය නේවාසිකාගාරයට පැමිණෙමින් සිටියදී එහි පැමිණි 2 වසරේ සිංහල සිසුන් පොලුවලින් දෙමළ සිසුන්ට දරුණු ලෙස පහරදී තිබේ.

මෙම පහරදීමෙන් තුවාල ලැබූ සිසුන්ව වහාම ( 22.08.2016 සඳුදා ) දින පස්වරු 7ට පමණ පේරාදෙණිය රෝහලට ඇතුලත් කර තිබේ. තුවාල ලැබූ සිසුන් 12 දෙනා අතර දෙදෙනෙකු බරපතල ලෙස තුවාල ලබා ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top